අසනි වැසි මල් වරුසා ගැලූවත්
නුබ ඔතන මේ මා මෙතනමැයි
මදක්වත් සෙලවුනොත් නුබ මා
බිම වැටී සුනු විසුනු වී යයි
කවි කියා ගී ගයා සිටිමුත්
නුබ අහස මේ මම පොළොව මැයි
අහස පොලොවත් එකතු වන දින
අපේ ආදර ගග ගලායයි
හදවතට බොරු අගුලු ලා අපි
සුදු පිරුවටින් ගත සරසලා
ලෝකයට වෙස් මූණු පෙන්නමු
මැරුණු හදවත් අතදරා......!!!
හසිනි භාග්‍යා
