Saturday, May 2, 2015

වසර ගණනක් නුඹට නොදැනෙන්නට 
ආදරය කල මට 
ගිගුරුම් හඩ පරයන නුඹේ හඩ
එදා ඇසුනේ ඇයි....?
නුඹේ මුහුණේ සෑම ඉරියවුවක්ම 
වේදනාවෙන් කැලති ගංගාවක් මෙන්
දීප්තිමත් මා ඉදිරියේ
දිස් වුයේ ඇයි........?
කුහකකම ආත්මාර්ථය වේගය
ලොව සෑම පාපයක්ම මන් නුබෙන් දුටිමි......
නුඹ පාපිෂ්ටයෙකි
අසරණම අහිංසකම දිළිදුකම
රිදුම් කන හදවත මුහුණේ ඇදී තිබු නුඹ
නුඹ,සැබවින්ම පාපිෂ්ටයෙකි.
ලොව සියලු හැගීම් නුඹේ මුහුණේ සියුම් සෛල තුල
ගැබ් කර රැවුල් කෙදිති අතරින්
සංවේදනා යවා
විකසිත ප්‍රේමයත් අධම ලෝකයත්
නුඹේ මුහුණින් මතු කරගත්
ඒ නිර්මාණ කරුවා කවුරුන්ද?
දෙවියන්ද?
එසේනම් මන් ඔහුට සාප කරමි.
අදත් හෙටත් මතු දාටත් සාප කරමි..
ඔහු ඔබ තුලින් මා සන්තාපයට පත් කළේය..
හැඩේවුවේය...අවදිකළේය..විනාශ කළේය..
යලිත් යලිත් ශුංගාරයට ගොදුරු කළේය
හුස්ම ගන්නා
සෑම තත්පරයකම අභ්‍යන්තරයේ රැදී
දරාගත නොහැකි වෛරයෙන්
මන් නුඹේ මුහුණට නොකඩවා ඇතුල් පහරවල්
එල්ල කරමි.
මම
නුඹවද මාවද දෙවියන්ද මරාගෙන මැරෙමි..!

No comments:

Post a Comment