උබයි මමයි ජිවත් උනේ එකම ගෙදරක.ඒ ගේ ඉස්සරහ තිබුන පාලු මුසල ගහක්...ඉඩෝරයට වේලිලා දාල ගිහින් එක කොළයක්වත් තිබුනේ නෑ.ඒක මහා විශාල රූස්ස ගහක්..කොළ හැලුනට ගහ මරුනේ නැ.
මම හැමදාම කාමරේ කවුළුවකින් ඒ ගහ දිහා බලන් හිටිය..හැබැයි කවදාවත් රැට මන් ඒ පැත්තවත් බැලුවේ නෑ..උබ හිනා උනා මට..විහිලු කරා..මන් බයයි කියල....මමත් හිනාවෙලා උබේ සෝබන විහිලු කථා අහගෙන හිටිය.....අපි හිනා උනා...හරියට ඉටිපන්දම් එළියක් වත් නැති ගෙදරකට වෙලා අපි හිනා උනා......
හිතුවේ නෑ මන් අපේ හිනා හඩ පිටට ඇහෙයි කියලා..එත් බන් අපි ගොඩක් හයියෙන් හිනා වෙලා..ඒක පිටට ඇහිලා...අපි දෙන්නගේ කුකුල් කුඩුවක් වගේ ගෙදරින් පිටට ඇහිලා..ඔයා දන්නවද ඒ හිනාව අහල ලගපාත ලොකු මන්දිරවල මිනිස්සු ඇහැරිලා...නිදාගෙන හිටපු සිටුවරු ඇහැරිලා....දත්මිටි කන උන්ගේ සද්දේ අපිට ඇහුනේ නෑ..අපි හිනා උනා..අපේම පුංචි ලෝකෙට වෙලා....හරිම අහිංසක විදියට...කවදාවත් උන්ව ඇහැරවන්න අපි හිතුවේ නෑ..
එදා හරිම ලස්සන දවසක්.....හිරු කුමාරය කලින්ම ඇවිත්.එකම එක ලස්සන කොලපාට දල්ලක්..ඔව් අර වේලිලා ගිහිපු ගහේ තමයි..මන් උබටත් පෙන්නුවා...උබටත් හරිම සතුටුයි...උබ හිනා උනා.අපි හීනයක් දැක්ක..ඒ ගහ කොළ වලින් වැහිලා ගිහින්..කුරුල්ලෝ කුඩු හදාගෙන ගහේ ඉදන් කිචි බිචි ගානවා..හුළගේ තාලෙට කොළ සෙලවෙනවා..පරිසරයත් නැවුම්..හරිම සිසිලයි..ප්‍රියජනකයි..ආශ්ව
හුළගට පැද්දෙනවා...ගහේ අතුත් හෙලවෙනවා..මන් බැලුව මොකක්ද කියල..මගේ දෙවියනේ මේ ඔයා..! මාව ගල් උනා..බලාගෙන හිටිය..කොයිතරම් වෙලා බලන් හිටියද කියල දන්නේ නෑ...අපිට ලස්සන හීන ගෙනාපු,වේලිච්ච ගහ.ඒකෙ අත්තක ඔයා එල්ලිලා..සුදු ඇදගෙන.දෙවියනේ ඔයා මැරිලද?ලගට ගිහින් බැලුව..මැරිච්ච මිනිස්සු ලග ගදයි..එත් ඔයා ලග හැමදාම දැනුනු සුවද මට දැනුනා..මන් තවත් ලං උනා..ඇස් පියවිලා..මුණ මලානික වෙලා..හම රැලි වෙලා..නහයෙන් ගලාගෙන ගිහිපු ලේ දහරාවක් වේලිලා..කිසිම දෙයක් හිතාගන්න බැරුව මන් බිම බැලුව....තවත්,
තවත් හෙවනැල්ලක්..තවත් හෙවනැල්ලක් බිම දිගා වෙලා..මන් හෙවනැල්ල දිගේ බලාගෙන ගියා...දැකල පුරුදු මුණක්.......හැමදාම කන්නාඩියෙන් දකින මගේම මුණ....බෙල්ල වටේ ලණුවක් ගිහින් අර යෝද ගහේ එල්ලිලා...මේක හීනයක්ද?අපි අපි අපි කොහොමද මැරුණේ...අපි සතුටින් හිටියනේ..හරියට කන්න තිබුනේ නැති එක ඇත්ත.හිටපු ගෙදර එළියක් නැති එක ඇත්ත..නුල් පිපුණු පාට ගිහිපු ඇදුම් ඇදගෙන ගමන් ගිහිපු බව ඇත්ත..කකුලට ගෙවුණු සෙරෙප්පු වලින් නිදිකුබ්බ කටු,ගල් ඇනුණු බවත් ඇත්ත...ඒත් කවදාවත් දුකින් හිටියේ නෑ.හිතේ පාළුවක් කනස්සල්ලක් තිබුනේ නෑ..මැරෙන්න අපි හිතුවෙවත් නෑ.කොහමද මෙහෙම උනේ?
මට ඇහුනා...මට ඇහුනා වියරු හිනාවක්..කොළ හැලුණු මහා ගහ දෙදරන තරම් වියරු හිනාවක්..මම වටපිට බැලුව....සතුටින් නටනවා..හොද සුට් බුට් ඇදගත්තු වැදගත් මහත්තරු අත් පටලගෙන නටනවා..රත්තරන් දත් පෙන්නගෙන හිනාවෙනවා..අතපය විසිකරකර උන් නටනවා..අපේ මළමිනී වටේ කැරකි කැරකි උන් කපල් ඩාන්ස් දානවා..හෙහ්...උන්ගේ තනිනොතනියට කුණු කන හෙන්චයියොත් ඇවිත්..තීන දත් ඔක්කොම එලියට දාගෙන සතුට පලකරනවා...පන්දම් අල්ලගෙන ඔල්වරසන් දෙනවා..මම මීට කලින් දැකල නෑ.මුන් මේ තරම් සතුටින් ඉන්නවා..
මට ආවේ කේන්තියක්..එතනින් එහාට ඝාතකයා සොයාගෙන යන්න මට ඕනේ උනේ නෑ.මට ඇඩුන..ගොඩාක් හයියෙන් කෑ ගහල මන් ඇඩුව..ඒත් සද්දේ පිට උනේ නෑ..වෙනද වගේ මගේ කදුළු පොළොව තෙමුවෙත් නෑ..ඒක වැලපීමක්..හදවතද,හිතද කොහෙද කියල මන් දන්නේ නැ.ලොකු වේදනාවක්..මගේ අභ්‍යන්තරයෙන් පැනනැගපු වේදනාවක්...
අපි හීන දැක්කේ ඉඩෝරයට වේලුනු ගහක කොළ හැදිලා,මල් හැදිලා පල දරනකම්...ඒ ගහේ පුංචි දල්ලකුත් ආව..අපි ඒක දැකල සතුටු උනා.හැබැයි ඒ ගහ අපිට අයිති නෑ කියලත් අපි දැනගෙන හිටිය.අපිට ඕනේ උනේ ගහ දිහා බලල සතුටු වෙන්න විතරයි..හේතුවක් නැතිවත් හිත්වල සතුට තිබුණු අපිට ඒ ගහ හේතුවක් උනා..ඒත් අපි දැන් ඒ ගහේම එල්ලිලා මැරිලා..නෑ නෑ නෑ මැරිල නෙමෙයි..එල්ලලා මරල..ඔව් අපි දැන් මැරිල....
මන් පලිගන්න තීරණය කරා..මේ කෘර ලෝකයෙන්...මේ සමාජයෙන් මේ මිනිස්සුන්ගේ..මට මුන්ගේ බොරු දත් බඩට යවන්න හිතුන...මරන්න හිතුන මුන්වත් එල්ලලා මරල දාන්න හිතුන.මන් තීරණය කරා..පලිගන්න...යන්න කලින් අවසන් වතාවට ඔයාගේ මුණ දිහා බැලුව..මට ඔච්චම් කරලා උබ හිනා උනු ඒ හිනාවෙන්ම තාමත් හිනාවෙන හැටි...මරල දාල තියෙත්දිත් උබ හිනාවෙනවා..
මම කියෙවුව..උබේ මුණ..මැරුණත් ඒ හිනාව එහෙමමයි...මට තේරුණා උබ කියන්න යන කථාව..ඔයා හරියට හිනාවෙන්නේ මුන්ට නටන්න දෙන්න..මුන් මුන්වත් අදුරන්නේ නෑ...මුන් නටන්නේ තව ටික දවසයි කියන්න වගේ...වෙනද වගේම උබ මට විහිලු කරා.බය වෙන්න එපා කිවුව..තවත් වස්සානෙක ගහ කොළ වලින් වැහෙනව කිවුව..බලාපොරොත්තු තියාගන්න කිවුව..
මම ආපසු හැරුන..උබේ විහිලුවට මටත් හිනා ගියා...අපි හිනා උනා..කලින් වගේම සතුටින්...සල්ලිකාර මහතැන්ල තාම නටනවා..කොන්ද පණනැති මිනිස්සු දුක හිරකරගෙන උන්ට පන්දම් අල්ලනවා..මම උබත් එක්ක යන්න හැරුන..අපි අපේ ගමන යමු බන්..සතුටින් හැමදාම හිනාවෙවී මේ වගේ..

No comments:
Post a Comment