Saturday, May 2, 2015

අත්තෙන් අත්තට පනින කිරිල්ලි..............


අත්තෙන් අත්තට පනින කිරිල්ලි..............
මගදී පියාබන කුරුලෙකුට මුණගැසී...........
තුඩින් තුඩ තියා රහසක් මිමිණි...........
කැදලි සදන්නට ඇරයුම් ලැබිණි..........


සුළං කෝඩ එමටයි මේ ලෝකේ..............
ගොදුරු සොයන නෙක සර්පයින් වනයේ..........
පන්නා දමමින් කැදලි සදන්නි.............
සොදුරා සමගින් ලෝකයකට එලබී..............


ආදරයේ වසත් සමයක් මැවුණි ...............
පපුතුර නිදමින් උණුසුම් වන්නි.............
ආත්ම ගණනක සෙනෙහස හමුවී................
හිත් අහස් කුස කැදලි තනන්නී.............

No comments:

Post a Comment