නුඹට දෙන්න රුපියලක් මා ලග නෑ පුතේ...
වැහැරුණු ඇදුමෙන්, එලියට පේනා ඇටකටු ....
ලෝකෙට ලැජ්ජලු පුතේ ......
අනේ sweet කියා ට නුඹට කියන් නෑලු පුතේ.....
දැක්කත් උඹ උදැසනට මුසලයිලු පුතේ .........
නුඹේ ඇසින් කදුලැලි නොවැටෙනා බව මම් දනිම්
ඉහ මොළ රත්වී නුඹ දැවෙනා ප්‍රශ්නය මම් දනිම්
පිට පොත්තට ඇලුණු බඩට ජිවය මම දනිම්
posh වුන බඩ පණුවන්වත් ලග නැති බව දනිම්
එල්ලෙන්නට සාරි තියා අම්මෙක් නෑ , දනිම්
එල්ලන්නට ශක්තිය දුන් පියතුම නෑ , දනිම්
එක එක දින සමරන්නට සල්ලිත් නෑ , දනිම්
ලෝකය බොරු fantacyයක්, ආටෝපය දනිම්
නුඹ වැනි උන් ලෝකෙට බරයි කියයි පුතේ
මට බර නුඹ නොවෙයි, කියන අයයි මගේ පුතේ
මිනිස් කමයි fantacyයයි දැන් හරිම ලගයි පුතේ
ලෝකය යන්නේ නුහුරට වරද එයයි පුතේ .........

No comments:
Post a Comment